ගාසා තීරයේ ජනතාවට සහනාධාර රැගත් දෙවැනි ට්‍රක් රථ පෙළ ඊජිප්තු දේශසීමා පෙදෙසට
2023-10-23 10:04:19
Share with:

ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර සහ වැටලීම් හේතුවෙන් දැඩි පීඩාවට පත් ව සිටින ජනතාවට මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 17 ක් රෆා දේශසීමාව පසුකර ඊජිප්තුව දෙසට ළඟා වූ බව වාර්තා වේ. එහි රැඳී සිටින ඊජිප්තු මානුෂවාදීන් පිරිසක් මේ බව පවසා ඇත.  

මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 20 ක පළමු කණ්ඩායම 21 වැනිදා වෙරළබඩ ප්‍රදේශයට ඇතුළු වූ පසු ගාසා තීරයට යවන ලද දෙවන ආධාර තොගය මෙයයි.

ආහාර, වෛද්‍ය සැපයුම්, ජලය, බ්ලැන්කට්, ඇඳුම් පැළඳුම්, ආවරණ සහ වෙනත් ද්‍රව්‍ය රැසක් නව තොගයට ඇතුළත් බව ඊජිප්තු ආහාර බැංකුවේ ස්වේච්ඡා සේවකයෙක් ඊජිප්තු දේශසීමාවේ දී Xinhua පුවත් සේවය වෙත පැවසීය.

ඊජිප්තුවේ රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවක් විසින් ආධාර තොග සහිත මෙම ට්‍රක් රථ සූදානම් කරනු ලැබීය. ගාසා තීරයේ වටලනු ලැබූ මිලියන ගණනක ජනතාව මූලික අවශ්‍යතා හෝ නොමැතිව බෙහෙවින් අසීරුතාවට පත් ව සිටිති. ඔවුන්ට අවශ්‍ය ආධාර සැපයීම තවමත් ඉතා අඩු මට්ටමක පවතින බව රාජ්‍ය නොවන සංවිධාන බලධාරීහු පවසති.  


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම