ගාසා තීරයේ ගැටුම් සමනය කිරීම සඳහා ඊජිප්තුවේ දී සමුළුවක්
2023-10-22 15:12:29
Share with:

ගාසා තීරයේ ගැටුම් සමනය කිරීම සඳහා ඊජිප්තුව සමුළුවක් පවත්වයි.

සෙනසුරාදා කයිරෝ නුවර දී පැවති සමුළුවේදී ඊශ්‍රායල - හමාස් ගැටුම්  නතර කරන ලෙසට රටවල් කිහියක රජයේ ප්‍රධානීහූ සහ විදේශ අමාත්‍යවරු බලකර සිටියහ. සාමය සඳහා කයිරෝ සමුළුව නමින් කැඳවා තිබූ මෙම සමුළුවේදී ඊජිප්තු ජනාධිපතිවරයා සටන් විරාමයක අවශ්‍යතාව පෙන්වා දුන්නේය. රාජ්‍යයන් දෙකක විසඳුමක් මගින් මෙම දිගුකාලීන ගැටළුව සමතයකට පත් කළ යුතු බවද හෙතෙම පැවසීය. සාමාන්‍ය වැසියන්‍ට එරෙහි හිංසනයන් ඊජිප්තුව හෙළාදකින බවද එර‍ට ජනාධිපතිවරයා කීය.

සමුළුවට පලස්තීන ජනාධිපතිවරයා ඇතුළු අරාබි හා බටහිර ‍නායකයෝ 30 දෙනෙක් පමණ සහභාගී වූහ. එහිදී අදහස් දැක්වූ පලස්තීන ජනාධිපතිවරයා අවධාරණය කළේ සාමය හා ආරක්ෂාව සහතික කළ හැක්කේ රාජ්‍යයන් දෙකක විසඳුම ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බවයි. මැද පෙරදිග ගැටුම් පිළිබද ජාත්‍යන්තර සාම සමුළුවක් කැඳවන ලෙසට ද හෙතෙම ඉල්ලීමක් කළේය. සමුළුව ඇමතූ ජගත් මහ ලේකම්වරයා ද අවධාරණය ක‍ළේ රාජ්‍යයන් දෙකක විසඳුම ක්‍රියාත්මක කළ යුතු බවයි. බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා ද සමුළුව ඇමතූ අතර ඊශ්‍රායලයට සිය ආරක්ෂාව සලසා ගැනීම සඳහා අයිතියක් ඇති බව හෙතෙම පැවසීය. පැහැර ගැනීමට ලක්ව ඇති පුද්ගලයන් නිදහස් කර ගැනීමේ අයිතිය ද ඊශ්‍රායලය සතුවන බව හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම