පලස්තීන-ඊශ්‍රායල ගැටුම් තත්ත්වය කෙරෙහි චීනය දැඩි අවධානය යොමු කර ඇති බව චීන විශේෂ දූතයා පවසයි
2023-10-22 15:20:57
Share with:

පලස්තීන ප්‍රශ්නය පිළිබඳ කයිරෝ සාම සමුළුවට මැද පෙරදිග ප්‍රශ්න පිළිබඳ චීන විශේෂ දූතයා සහභාගි වේ.

විශේෂ දූත Zhai Jun මහතා ඊයේ(21) ඊජිප්තුවේ නව පරිපාලන  අගනුවර පැවති පලස්තීන ප්‍රශ්නය පිළිබඳ කයිරෝ සාම සමුළුවට එක්විය.

පලස්තීන-ඊශ්‍රායල ගැටුම් තත්ත්වය කෙරෙහි චීනය දැඩි අවධානය යොමු කර ඇති බව හෙතෙම පැවසීය.ජගත් ප්‍රජාව යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් සැබෑ පියවර ගත යුතුය.පලස්තීන-ඊශ්‍රායල ගැටුම් නැවත නැවතත් ඇතිවීම විසඳා ගැනීමේ මූලික මාර්ගය,  “ද්වි-රාජ්‍ය විසඳුම”ක්‍රියාක්මක කරමින් ස්වාධීන පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කිරීම බවද හෙතෙම සඳහන් කළේය. හැකි ඉක්මණින් ගාසා තීරයේ සටන් විරාමය ඉටු කර පලස්තීන ජනතාව ජාතික නිත්‍යනුකූල අයිතිවාසිකම් පුනරුත්ථාපනය කිරීමට මෙන්ම “ද්වි-රාජ්‍ය විසඳුම”ක්‍රියාත්මක කිරීමට චීනය ජාත්‍යන්තර ප්‍රජාවේ අදාළ පාර්ශ්වයන් සමඟ අඛණ්ඩව උත්සාහ දරනු ඇතැයි ද  මැත පෙරදිග ප්‍රශ්න පිළිබඳ චීන විශේෂ දූතයා පවසා ඇත.  

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම