තොරතුරු තාක්ෂණය හා විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක්
2023-10-22 14:57:09
Share with:

තොරතුරු තාක්ෂණය හා විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කෙරේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවල නියෝජිතයින් වෙනුවන් පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාවේ බස්නාහිර පළාත් වැඩසටහන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙහිදී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකිරීමේදී තොරතුරු තාක්ෂණය උපයෝගි කරගත යුතු ආකාරය හා විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා මෙන්ම විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධව පුළුල් දැනුමක් බස්නාහිර පළාතේ බලපත්‍රලාභීන් වෙත ලබාදීමට  පියවර ගැනිණ.

ඊට අමතරව රැකියා නියෝජිතායතනවල සාමාජිකයින්ට ඔවුන්ට ඇති ගැටළු කාර්යාංශ නිළධාරින් වෙත සෘජුව ඉදිරිපත් කිරීමට ද අවස්ථාව හිමිවිය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම