මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 20ක් ගාසා තීර‍යට
2023-10-22 16:42:23
Share with:

මානුෂීය ආධාර රැගත්  ට්‍රක් රථ 20ක් ඊජිප්තුවේ රෆා දේශසීමා දොරටුවෙන් ගාසා තීර‍යට ප්‍රවේශ වෙයි. ඊයේ(21) ප්‍රවේශ වූ ආධාරවලට ‍වෛද්‍ය අධාර ද්‍රව්‍ය අයත් වෙයි. මෙවැනි සීමිත ට්‍රක් රථ සංඛ්‍යාවකින් ගාසා තීරයේ මානුෂීය අර්බුදය වෙනස් කළ නොහැකි බව ගාසා තීරයේ හමාස් සංවිධාන මාධ්‍ය කාර්යාල ප්‍රධානියා පවසා තිබේ. පැය 24 පුරාම ක්‍රියාත්මක මානුෂීය ආධාර සැපයුමක් සහතික කළ යුතු බවද හෙතෙම සදහන් කර තිබේ.

මේ අතර ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසා ඇත්තේ මීළඟ අදියරේ යුද්ධය සඳහා සූදානම් වන බවයි. ලක්ෂ 3ක‍‍ට අධික භටපිරිස් සූදානමින් තබා ඇත. බොහෝ අයගේ විශ්වාසය වී ඇත්තේ ඊශ්‍රායලය ගාසා තීරයේ ‍ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කරනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම