ශ්‍රී ලංකාව “ස්මාර්ට් රටක්” ලෙස ගොඩනගන බව ජනපති කියයි
2023-10-22 14:56:26
Share with:

ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟමින් රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. සම්මේලනය ඇමතූ වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ස්මාර්ට් රටක් ගොඩනැගීමට සියලු ක්ෂේත්‍රවල දූෂණය පිටුදැකිය යුතු බවත්, ඒ සඳහා රාජ්‍ය ආයතන තුළ මෙන්ම දේශපාලන පක්ෂ තුළද දූෂණය මැඩලීම සඳහා අණ පනත් රැසක් හඳුන්වාදීමට කටයුතු කරන බවත්ය.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය ද පවත්වා 2025 මුල් භාගයේදී පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට හැකි වනු ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම