2024 අයවැය නොවැම්බර් 13 වනදා පාර්ලිමේන්තුවට
2023-10-21 16:33:59
Share with:

2024 අයවැය නොවැම්බර් 13 වන සඳුදා දහවල් 12ට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කරයි.

අයවැය දෙවැනිවර කියවීමට අදාළ විවාදය නොවැම්බර් 14 වනදා සිට දින 7ක් පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම 21 වනදා සවස 6ට පැවැත්වීමට නියමිතය.

2024 අයවැයට අදාළ කමිටු අදියරේ විවාදය 22 වනදා සිට දින 19ක් පුරා පැවැත්වෙයි.

ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වනදා සවස 6ට පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම