නව අවස්ථා ජනිත කරන "ඩිජිටල් සේද මාවත"
2023-10-21 19:39:53
Share with:

Jon Andrew නයිජීරියාවේ ලාගෝස් නගරයේ අධිවේගී තැපැල් සේවකයෙකි. එම රැකියාව ඔහුට වැඩි ආදායමක් ගෙන දී තිබේ.

ඔහු චීන සීඝ්‍රගාමී බෙදාහැරීමේ සමාගමක සේවය කරයි. මෙම සමාගම වසර කිහිපයකට පෙර ස්ථාපිත කෙරුණු අතර එහි විදේශීය ගබඩා කළමනාකාරිත්වය සහ සීඝ්‍රගාමී බෙදාහැරීමේ මෙහෙයුම් කණ්ඩායමේ සාමාජිකයන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා ඇත. චීනයේ ඩිජිටල්කරණ බුද්ධිමත් ලොජිස්ටික් කළමනාකරණ පද්ධතියේ සහාය යටතේ, නයිජීරියාවට එහි පළමු භාණ්ඩ සැපයුම් ප්‍රවාහන පටිය, පළමු ස්කෑනිං යන්ත්‍රය සහ පළමු ප්‍රවාහන ඇමතුම් පද්ධතියක් හිමි වී ඇත. එහි ජනතාවට තම ජංගම දුරකථන භාවිත කරමින් ඕනෑම වේලාවක මාර්ග බිල්පත් පරීක්ෂා කළ හැකි අතර මාර්ගගත සාප්පු සවාරි කාලය, පසුගිය කාලයේ ගතවූ මාස කිහිපයේ සි‍ට වර්තමානයේ දින කිහිපයක් දක්වා අඩු වී ඇත.

ඒ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ‍ ‍පොදුවේ ගොඩනැගීම සහ ඩිජිටල් ආර්ථිකය මනාව ඒකාබද්ධවීම සම්බන්ධ කදිම උදාහරණයකි. වර්තමානයේ,‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ‍ උසස් ගුණාත්මකභාවයෙන් යුතුව පොදුවේ ගොඩනැගීම නව අදියරකට පිවිස ඇත. ගෝලීය ඩිජිටල් ආර්ථිකයේ සංවර්ධනය නව අවස්ථා උදාකර දී ඇත. පසුගියදා පැවති 3වැනි‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ ජාත්‍යන්තර නායක සංසදයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රධාන දේශනය සිදු කරමින් ප්‍රකාශ කළේ, චීනය ‘සේද මාවත ඊ-වාණිජ්‍යය’ සහයෝගිතා පුරෝගාමී කලාපයක් නිර්මාණය කරන බවයි. එසේම සෑම වසරකම ‘ගෝලීය ඩිජිටල් වෙළඳ ප්‍රදර්ශනය’ පවත්වනු ඇති බවද ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය. ඉන් චීනය සහ එම වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීම හා සම්බන්ධ රටවල් අතර ඩිජිටල් ආර්ථික සහයෝගීතාව ප්‍රායෝගික හා ගැඹුරු ලෙස ප්‍රවර්ධනය කෙරෙනු ඇති බව විශ්වාස කෙරේ.  ‍

ඉදිරි නව දශකයේ දී, අදාළ රටවලට මෙම "ඩිජිටල් සේද මාවත" ඔස්සේ නවීකරණය සාක්ෂාත් කරගැනීම සඳහා චීනය ඩිජිටල් තාක්ෂණ නවෝත්පාදන සහ බෙදාගැනීම අඛණ්ඩව ප්‍රවර්ධනය කරනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම