චීන ජනාධිපතිවරයා ගේ දූරදර්ශී නායකත්වය රුසියා ජනාධිපතිවරයා අගය කරයි
2023-10-21 16:07:06
Share with:

‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීම ඉහළ ප්‍රශංසාවට ලක් කරන රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා චීන ජනාධිපතිවරයාගේ දැක්ම ඉතා දූරදර්ශී බව පවසයි.

ඔහු මෙම අදහස් පළකළේ පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී ය.

රුසියානු-චීන සබඳතා ලෝක ස්ථාවරත්වයේ මූලික සාධකයකි. චීන-රුසියා ද්විපාර්ශ්වික සහයෝගිතාව නිවැරදි දිශාවට වර්ධනය වෙමින් පවතින අතර ලෝකයේ බහු ධ්‍රැවීකරණ ප්‍රවණතාව වැළැක්විය නොහැකි බව හෙතෙම පැවසීය.

යුරෝපා-ආසියා ආර්ථික සංගමය සංවර්ධනය කිරීම යන තම රටේ දැක්ම, චීනය ඉදිරිපත් කළ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීම සමඟ සම්පුර්ණයෙන්ම අනුකූල වන බව රුසියානු ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. යුරෝපා-ආසියා ආර්ථික සංගමයේ සාමාජික රටවල්, ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීමේ සහයෝගීතාවයෙන් ප්‍රතිලාභ ලබා ගෙන ඇති අතර සමස්ත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 24කි.

‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීම හා සම්බන්ධ රටවල්, බලහත්කාරී කොන්දේසිවලින්  තොරව ස්වාධීනව ද්විපාර්ශ්වික හෝ බහුපාර්ශ්වික රාමුවක් යටතේ සහයෝගීතා පවත්වා තිබේ. ෂී  ජින් පිං මහතා ඉදිරිපත් කළ එම වැඩපිළිවෙළ රුසියාව පිළිගන්නා අතර චීනය සමඟ එක්ව එය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා වෑයම් දැරීමට කැමැත්තෙන් සිටින බව පුටින් මහතා කියා සිටියේය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වත්මන් තත්ත්වය මත තීරණ ගන්නා නායකයෙකු නොවන අතර, ඔහු තත්ත්වය විශ්ලේෂණය කර ඇගයීමට ලක් කර දූර දර්ශී අයුරෙන් තීරණ ගන්නා බව  පුටීන් මහතා පෙන්වා දුන්නේය. ෂී ජින් පිං මහතා යනු ස්ථිර, සන්සුන්, ප්‍රායෝගික සහ විශ්වාසදායක හවුල්කරුවෙක් බව පුටීන් මහතා එහිදී අගය කරමින් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම