එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ඇමරිකාවට විරෝධයක්
2023-10-21 14:28:28
Share with:

පසුගිය 18වැනි දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ, ඇමරිකානු නියෝජිත Michelle Taylor පැවැත්වූ දේශනය අතරතුර ඊට සහභාගී වූ පිරිස් ඇයට ‍මුහුණ නොදී පසුපස බලාසිටි ආකාරයක් දක්නට ලැබිණ. ඒ පලස්තීන-ඊශ්‍රායල ගැටුම්කාරී තත්ත්වයේදී ඇමරිකාව පලස්තීන ජනතාවගේ මානව හිමිකම් නොතකා අත්තනෝමතික ව ඊශ්‍රායලයට සහාය වීමට විරෝධය පළ කිරීම සඳහා ය.

මේ දක්වා, පලස්තීන-ඊශ්‍රායල ගැටුමෙන් 5200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, ගාසා තීරයේ රෝහල් 4ක වෛද්‍ය සේවා සම්පූර්ණයෙන් ම අත්හිටුවා ඇත. මෙවන් තත්ත්වය හමුවේ, එම ගැටළුව හා සම්බන්ධ ‍වැදගත් පාර්ශ්වයක් වන ඇමරිකාව එහි තත්ත්වය සමනය කිරීමෙන් තොරව, මානුෂීය සහනාධාර සැපයීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයේ තීරණ කෙටුම්පත් අවස්ථා 2කදී විරුද්ධව ඡන්ද ප්‍රකාශ කර තිබේ. බ්‍රසීලය, රුසියාව, චීනය ඇතුළු රටවල් රැසක් මේ පිළිබඳව කම්පනය හා කණගාටුව පළ කර තිබේ.

කටාර් ජනරජයේ AL Jazeera රූපවාහිනියට අනුව ගතවූ වසර 50කට වැඩි කාලයක් තුළ, ඇමරිකාව 80කට වැඩි අවස්ථාවලදී නිෂේධ බලය භාවිත කරමින් ඊශ්‍රායලය විවේචනය කිරීමේ ආරක්ෂක කවුන්සලයේ තීරණ 50කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප කර ඇත.   

මැදපෙරදිග තත්ත්වයන්ට අනුව, ඊශ්‍රායලයට ඇමරිකාවේ යුදමය හා දේශපාලන සහාය අවශ්‍ය බව විශේලේෂකයෝ පෙන්වා දෙති. ඇමරිකාවට අවශ්‍ය වී ඇත්තේ ඊශ්‍රායලය සිය මැදපෙරදිග කලාපයේ ප්‍රබල මෙවලමක් ලෙස ඉරානය ඇතුළු රටවලට පීඩා එල්ල කිරීම සඳහා යොදා ගැනීමය. ඇමරිකාව තුළ, යුදෙව් ජාතිකයන් විශාලතම සුළු ජනවාර්ගික පිරිසය. ඔවුන්ට විශාල  ඡන්ද ප්‍රමාණයක් හිමි ය. ඇමරිකාව, ආරක්ෂක කවුන්සලයේ අවස්ථා 2කදී පලස්තීන-ඊශ්‍රායල තීරණ කෙටුම්පත් ප්‍රතික්ෂේප කිරීමේ වැදගත් හේතුවක් වන්නේ ඊශ්‍රායලය අමනාප වීමෙන් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අනිසි බලපෑම් එල්ල වනු ඇති බවට ඇමරිකානු දේශපාලනඥයන් බියට පත්ව සිටීමය.

Harvard විශ්වවිද්‍යාලයේ මහාචාර්යය Stephen M. Walt    පසුගිය දා ‘Foreign Policy’ සඟරාවේ ලිපියක් පළ කරමින් පැවසුවේ ඇමරිකාව පලස්තීනය හා ඊශ්‍රායලය අතර හටගෙන ඇති නව වටයේ යුද්ධයේ මූලාශ්‍රය බවයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම