අඩු පරතරයක් සහිත අයවැයක් ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
2023-10-21 16:35:18
Share with:

ශක්තිමත් සහ අඩු  පරතරයක් සහිත අයවැයක් ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වූ නියෝජිත පිරිසේ ප්‍රධානී පීටර් බෘඅර් ඒ බව පැවසීය.

රජයේ ආදායම් සහ වියදම් පරතරය පියවා ගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකාව සුදුසු ක්‍රමවේදයක් සොයමින් සිටී.  

විදෙස් සංචිත වාර්තාගත ලෙස අඩුවීම සහ වෙනත් කරුණු හේතුවෙන් සිය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට පසුගිය වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන්නේය.

2023 මාර්තු මාසයේදී ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඒ හේතුවෙන් මෙරට ආර්ථිකය යම් ආකාරයකට ස්ථාවර වී ඇති බව විචාරකයෝ පවසති.

එසේම උද්ධමනය අඩුවී ඇති අතර සංචිත ක්‍රමයෙන් වැඩිවෙමින් තිබේ.

එහෙත් ශ්‍රී ලංකාව මෙතෙක් රාජ්‍ය ආදායම අපේක්ෂිත මට්ටම තෙක් වර්ධනය කර ගැනීමට සමත් වී නොමැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ මේ වසරේදී 15%ක පමණ අඩුවක් වාර්තා කිරීමට ඉඩ ඇති බවයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම