දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ශ්‍රී ලංකාව කළ යෝජනාවට චීන ආයතන ගණනාවක සහාය
2023-10-21 16:33:06
Share with:

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ශ්‍රි ලංකාව කළ යෝජනාව සම්බන්ධව අධ්‍යයන හා තාක්ෂණ අංශයන්ගෙන් සහයෝගය ලබාදීමට දේශගුණික කාර්යයන්ට සම්බන්ධ චීන ආයතන ගණනාවක නියෝජිතයෝ එකඟ වෙති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බෙයිජිං නුවර පාරිසරික විශ්වවිද්‍යාල සහ දේශගුණය සම්බන්ධ නියෝජිත ආයතන කිහිපයක ප්‍රධානීන් අතර  19 දා පැවති සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කෙරිණ.

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම පිළිබඳ ශ්‍රි ලංකාවේ ප්‍රයත්නය ඉතා කාලෝචිත හා දූරදර්ශී එකක් බව නියෝජිත පිරිස පෙන්වා දුන්හ.

මේ සම්බන්ධයෙන් දැනටමත් පාර්ශ්වකරුවන් රැසක් සමග සාකච්ඡා කර ඇති බවත්, එය ශ්‍රි ලංකාවේ තනි වෑයමක් නොව සාමුහික ක්‍රියාදාමයක් බවට පත් කර ගැනීම තම අභිප්‍රාය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම