2020 ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට මැදිහත්වීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ වූ බවට Donald Trump ගේ තවත් හිටපු නීතිඥවරයෙක් පිළිගනී
2023-10-21 16:13:59
Share with:

2020 ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට මැදිහත්වීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ වූ බවට Donald Trump ගේ තවත් හිටපු නීතිඥව‍රයෙක් පිළිගනී.

Reuters ප්‍රවෘත්ති ඒජන්සිය ඊයේ(20) මේ බව වාර්තා කළේය. හිටපු ඇමරිකානු ජනාධිපති Donald Trump ගේ හිටපු නීතිඥවරයෙකු වන Kenneth Chesebro, ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කරමින් 2020 ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට බාධා කිරීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ වූ බවට පිළිගත් බව එම වාර්තාව පැවසීය.

එසේම Trump ට එල්ල වූ ජාවාරම් චෝදනාව සම්බන්ධයෙන් සාක්ෂි දීමට Kenneth Chesebro එකඟ විය. එමෙන්ම Trump සහ අනෙකුත් සම-විත්තිකරුවන්ට ඔහු චෝදනා එල්ල කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම