ආරවුල් විසඳීමේදී කලාපීය යාන්ත්‍රණ සෑම විටම ජාත්‍යන්තර නීතිවලට හා ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන්ට අනුකූල විය යුතු බව චීනය පවසයි
2023-10-21 16:19:19
Share with:

ආරවුල් විසඳීමේදී කලාපීය යාන්ත්‍රණ සෑම විටම ජාත්‍යන්තර නීතිවලට හා ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන්ට අනුකූල විය යුතු බව එක්සත් ජාතීන්ගේ චීන නියෝජිතයා අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර Zhang Jun මහතා ඊයේ(20) පැවති කලාපීය යාන්ත්‍රණවල කාර්යභාරය පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ විවෘත විවාදයේදී මේ බව පැවසීය.

Zhang Jun මහතා එහිදී සඳහන් කළ පරිදි, ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාමේ මූලික වගකීම ආරක්ෂක මණ්ඩලය දරයි. ඒ අතරම, ‘එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ’ 8 වන පරිච්ඡේදයෙන් කලාපීය විධිවිධාන හරහා ආරවුල් සාමකාමීව විසඳා ගැනීම දිරිගන්වය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුගමනය කොට සන්නිවේදනය හා සම්බන්ධීකරණය ශක්තිමත් කළ යුතු අතර ගැටුම්වලට මූලික හේතු ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය යන්න චීන‍යේ අදහස යැයි ද හෙතෙම කීය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම