‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ මගින් පොදු ජයග්‍රහණ සාක්ෂාත් කිරීමේ සංකල්පය යථාර්ථවත් කර ඇත
2023-10-20 10:51:55
Share with:

'එක් තීරයක් එක් මාවතක්' වැඩපිළිවෙළේ දශක සංවත්සරයට සුබ පැතුම් පිරිනමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටී. එය එක් රටක පමණක් නොව සෑම රටකම සෞභාග්‍යය හා සංවර්ධනය සහතික කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ඒකාබද්ධ වැඩපිළිවෙළක් බව ද අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රාජ්‍ය නායකයෝ රැසක් පසුගිය දා පැවති ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ තුන්වැනි ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයේ සමාරම්භක උළෙලට එක්වූහ. පොදු සංවර්ධනය හා පොදු ජයග්‍රහණ සාක්ෂාත් කිරීම ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ මුඛ්‍ය අරමුණ යි. ගෙවුණු දශකය තුළ මෙම සංකල්පය යටතේ ලොව ක්‍රියාත්මක වූ විවිධ සංවර්ධන ව්‍යාපෘති රැසක් මෙහි දී සිහිපත් කළ හැකි ය.  

‘එක් තීරයක් එක් මාවතක්’සම්බන්ධතා ජාලය, විවිධ රටවල වෙළඳ භාණ්ඩ, අරමුදල්, තාක්ෂණය හා පුද්ගල හුවමාරු ප්‍රවර්ධනය කිරීමට සමත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.  මෙම වැඩපිළිවෙළ ඉදිරි දශකයේත් ගෝලීය ක්‍රියාකාරීත්වයට මනා පිටුබලයක් ලබාදෙනු ඇතැයි ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විශ්වාසය පළකරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම