එක් තීරයක් එක්මාවතක් 3වෙනි නායක සංසදය දැනුම බෙදා ගැනීමේ කදිම වේදිකාවක්
2023-10-20 15:18:50
Share with:

චීන ජනාධිපතිවරයා වසර 10කට පෙර යෝජනා කළ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ලැ‍බෙන ප්‍රතිලාභ බහුල බව කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රධානී මහාචාර්ය ප්‍රතිභා මහානමහේවා මහතා පවසයි. මෙම වැඩපිළිවෙල ශ්‍රී ලංකාව තුළ තවදුරටත් පුළුල් කළ යුතු බවද හෙතෙම කියා සිටී. එහිදී වඩාත් වැදගත්ම දෙය පුළුල් උපදේශනය, හවුලේ ලබන ප්‍රතිලාභ, විවෘත හරිත පිරිසිදු ප්‍රවේශය සහ උසස් ප්‍රමිතියෙන් යුත් ජනතා කේන්ද්‍රීය තිරසර සංවර්ධනයක් වෙත ලුහුබැඳ යාම බවද හෙතෙම කියාසිටී. මෙම කරුණු තුන සැලකීමේ දී චීනයෙන් ශ්‍රී ලංකාවට විශාල ප්‍රතිලාභ ලැබෙමින් පවතී. ශ්‍රී ලංකාවටම ආ‍වේණික ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීමේදී එක් තීරයක් එක් මාවතක් වැඩසටහනෙන් පුළුල් ප්‍රයෝජනයක් අත්කර ගත හැකිය. චීනයේ පැවති එක් තීරයක් එක් මාවතක් 3වෙනි නායක සංසදයට රටවල් රැසක් සහභාගී‍ විය. එය දැනුම බෙදා ගැනීමට කදිම වේදිකාවක් බවට පත්ව තිබේ. චීනය දැනටමත් ලෝකයට ලබා දී තිබෙන දැනුම අතිමහත්ය. එය උකහා ගැනීමට ඇති හොඳම වැඩපිළිවෙල එක් තීරයක් එක් මාවතක් වැඩසටහන බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම