ගෝලීය පැවැත්ම යහපත් කරන ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ සාර්ථක දෙවැනි දශකය කරා..
2023-10-20 11:16:44
Share with:

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ දශක සංවත්සර සැමරුමට සුබ පැතුම් පිරිනමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා කියාසිටී. එය චීනයේ මූලිකත්වයෙන් ලොව පුරා ක්‍රියාත්මක සංවර්ධන ක්‍රියාදාමයක් බව ද හෙතෙම පවසයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ලෝක නායකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළේ තුන්වැනි ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදය පසුගිය දා බෙයිජිං අගනුවර දී පැවැත්විණ. එහි  සමාරම්භක උළෙලේ ප්‍රධාන දේශනය පවත්වමින්  චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ ‘එක් තීරයක් එක් මාවතක්’යනු සියලු පාර්ශ්වයන්ගේ එකමුතුවෙන් හා අන්‍යෝන්‍ය සහයෙන් යුතුව ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙළක් බව යි. එසේම, වැඩපිළිවෙළට එක් වූ සියලු පාර්ශ්වයන්ගේ පොදු සංවර්ධනය හා පොදු ජයග්‍රහණ සාක්ෂාත් කිරීම, ‘එක් තීරයක් එක් මාවතක් ‘ වැඩපිළිවෙළේ අරමුණ බව ද හෙතෙම පැවසීය. මතවාදී ගැටුම්, භූ දේශපාලනික අර්බුද හෝ ආර්ථික තර්ජන යනා දී කිසිවක් එහි අන්තර්ගත නොවන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය.

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඒකාබද්ධ ක්‍රියාවලියකි. මේ වනවිට ලොව රටවල් 150 කට අධික සංඛ්‍යාවක් ඊට එක් ව සිටින්නේ එහි පවතින සාර්ථකත්වය නිසා ය. වර්තමාන ලෝකය මුහුණ දෙන විවිධ අභියෝග හමුවේ සමස්ත මානව ප්‍රජාවම එක හා සම වේ. වෙන් වෙන් ව හිඳ සංවර්ධනය ගවේෂණය කරනවාට වඩා මෙවන් සහයෝගිතා ව්‍යාපෘති වත්මන් ලෝකයට වඩාත් ගැලපෙන බව ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ තුළින් වඩාත් තහවුරු වී ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා කියාසිටී.

එය දෙවැනි දශකයේ දී තවදුරටත් ගෝලීය පැවැත්ම යහපත් කරනු ඇති බවට ද හෙතෙම විශ්වාසය පළකරයි.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම