කැනඩාව සිය රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ඉන්දියාවෙන් ඉවත් කරගනී
2023-10-20 16:18:15
Share with:

කැනඩාව සිය රාජ්‍යතාන්ත්‍රිකයන් 41 දෙනෙකු සහ ඔවුන්ගේ යැපෙන්නන් 42 දෙනෙකු ඉන්දියාවෙන් ඉවත් කර ගැනීමට පියවර ගනී. ඒ, ඉන්දීය රජය ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රික මුක්තිය ඉවත් කරන බවට තර්ජනය කිරීමේ සිද්ධියත් සමග යි. කැනඩා විදේශ ඇමතිනි Melanie Joly  මහත්මිය ඊයේ (19) මේ බව ප්‍රකාශ කළේ ඔටාවා නුවර පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කැනේඩියානු රාජ්‍යතාන්ත්‍රිකයන් සංඛ්‍යාව අඩු කිරීමේ තීරණය සම්බන්ධයෙන් ඉන්දියාවට ප්‍රතිචාර දක්වන්නේ ද යන ප්‍රශ්නයට මෙහිදී පිළිතුරු දෙමින් අමාත්‍යවරිය පැවසුවේ, ඉන්දියාවේ තීරණය අසාධාරණ නමුත් ඊට ප්‍රතිචාර නොදක්වන බවයි. එහෙත්, ජාත්‍යන්තර නීතියට පටහැනිව රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද සහ මුක්තිය ඒකපාර්ශ්විකව අවලංගු කරන බවට ඇය ඉන්දියාවට චෝදනා කළාය. දැනට කැනේඩියානු රාජ්‍යතාන්ත්‍රිකයන් 21 දෙනෙකු පමණක් ඉන්දියාවේ රැඳී සිටිනු ඇති බව ද ඇමතිවරිය කියාසිටියාය.  

කැනඩාවේ දී ඝාතනයට ලක් වූ සික් නායක  Nijjar  ඝාතනය පිටුපස ඉන්දීය රජයේ නියෝජිතයන් සිටින බවට අගමැති ජස්ටින් ටෘඩෝ මහතා විසින් කෙරුණු චෝදනාවත් සමග කැනඩාව සහ ඉන්දියාව අතර මෙම මතභේදාත්මක  තත්ත්වය උද්ගත විය. රටවල් දෙකම සංචාරක උපදේශන නිකුත් කර තිබුණේ අනෙක් රටේ ඇතැම් ප්‍රදේශවල ගමන් කිරීමේදී  ‘ඉතාම ප්‍රවේශම් වන ලෙස’ යි. එසේම, කැනඩාවේ ඉන්දියානු වීසා සැකසුම් මධ්‍යස්ථානයේ සේවාවන් ද අත්හිටුවා ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම