ධීවර කර්මාන්තයටම විශේෂිත වූ ආයෝජන කලාපයක් උතුරු පළාත තුළ ස්ථාපිත කිරීමට පියවර
2023-10-19 15:00:23
Share with:

ධීවර කර්මාන්තයටම විශේෂිත වූ ආයෝජන කලාපයක් උතුරු පළාත තුළ ස්ථාපිත කිරීම සඳහා මේ වන විට වැඩ පිළිවෙළක් සකස් කෙරෙමින් පවතින බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

ඒ හරහා ධීවර කර්මාන්තයට අදාළ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමට මෙන්ම විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීමට හැකිවන බව ද හෙතෙම පැවසීය.

ධීවර කර්මාන්තයට මෙන්ම පාරිභෝගිකයාට දැඩි පාඩුවක් ගෙන දෙමින් අතරමැදියන් පිරිසක් අයුතු ලාබ ලැබූ ධීවර මාෆියාව අවසන් කිරීමට අවශ්‍ය පියවර මේ වනවිටත් ගෙන ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම