පලස්තීන-ඊශ්‍රායල තත්ත්වය පිළිබඳ යෝජනාවක් පරාජය ‍වීමෙන් චීනය කම්පනයට සහ අපේක්ෂා භංගත්වයට පත් වෙයි
2023-10-19 10:52:17
Share with:

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර තත්ත්වය පිළිබඳ යෝජනාවක් සම්මත කර ගැනීමට ආරක්ෂක මණ්ඩලය අසමත් වීමෙන්, චීනය කම්පනයට සහ අපේක්ෂා භංගත්වයට පත් වන බව, එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Zhang Jun මහතා ප්‍රකාශ කළේ ය.

බ්‍රසීලය විසින් කෙටුම්පත් කරන ලද පලස්තීනය සහ ඊශ්‍රායලය අතර තත්ත්වය පිළිබඳ යෝජනාවට, ඊයේ(18) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 12කගේ අනුමැතිය හිමි විය. නමුත් ඇමරිකාව විරුද්ධව ඡන්දය ලබා දී ඇති බැවින්, මෙම යෝජනාව සම්මත වී නොමැත.

Zhang Jun මහතා පෙන්වා දුන්නේ, බ්‍රසීලය විසින් යෝජනා කරන ලද කෙටුම්පත් යෝජනාව ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වීය හඬ පිළිබිඹු කරන බවයි. සටන් විරාමයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ආරක්ෂක මණ්ඩලයේ පළමු පියවර මෙයින් පෙන්වා දී තිබේ. ආරක්ෂක මණ්ඩලය නිවැරදි ක්‍රියාමාර්ග ගත යුතු බව ඇතැම් රටවල් වාචිකව අවධාරණය කරන නමුත්, ඔවුන්ගේ ඡන්ද ප්‍රකාශ කිරීමේ දී ආරක්ෂක මණ්ඩලය කිසිදු පියවරක් ගැනීම එම රටවල් බලාපොරොත්තු නොවන බවට සැකයක් මතු කෙරේ. කෙසේ වෙතත් ආරක්ෂක මණ්ඩලය කිසිදු පියවරක් නොගෙන සිටීම අනුචිත බව Zhang Jun මහතා සඳහන් කළේ ය.

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර විස්තීර්ණ සටන් විරාමයක් වහාම ආරම්භ කිරීම ප්‍රමුඛතම ඉලක්කය විය යුතු ය. ගාසා තීරයේ වත්මන් යුද්ධය ඇදී යාමට ඉඩ හැරියහොත්, අවසාන ප්‍රතිඵලය කිසිදු පාර්ශවයක සම්පූර්ණ යුද ජයග්‍රහණයක් නොවනු ඇති අතර, මෙය මුළු කලාපයම ගිල ගන්නා ව්‍යසනයක් විය හැකි බව, Zhang Jun මහතා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම