“එක් තීරයක් එක් මාවතක්” පොදු සංවර්ධනය ඔස්සේ අධි ගුණාත්මක භාවයෙන් යුතු නව සංවර්ධන අදියරට එක්වීම ප්‍රවර්ධනය කිරීමක්
2023-10-19 10:38:46
Share with:

ඊයේ(18) පැවති තුන්වැනි “එක් තීරයක් එක් මාවතක්” ජාත්‍යන්තර සහයෝගිතා සංසදයේ සමාරම්භක උත්සවයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රධාන දේශනයක් කරමින් පැවසුවේ විවිධ පාර්ශ්වයන් සමග “එක් තීරයක් එක් මාවතක්” පොදු සංවර්ධනය අධි ගුණාත්මක භාවයෙන් යුතු නව සංවර්ධන අදියරට එක්වීම ප්‍රවර්ධනය කරමින් විවිධ රටවල නවීකරණය සාක්ෂාත් කිරීම වෙනුවෙන් අඛණ්ඩව උත්සාහ දැරීමට චීනය කැමැත්තෙන් සිටින බවයි.

වත්මන් ගෝලීය ආකෘතියේ විශාල වෙනස්කම් සිදු වී තිබේ. විවිධ රටවල අසමතුලිත සංවර්ධන ප්‍රශ්නය කැපී පෙනේ. දිළිඳු හා පොහොසත්බව අතර පරතරය, සංවර්ධනය වෙමින් පවතින රටවල් හා සංවර්ධිත රටවල් අතර පරතරය අඛණ්ඩව පුළුල් වේ. මෙම තත්ත්වය යටතේ ෂී ජින් පිං මහතා ඉදිරිපත් කරන ලෝක නවීකරණය යන සංවර්ධන ඉලක්කය පොදු අවධානයට ලක්ව තිබේ.

ගෙවී ගිය දිගු කාලයක් තුළ බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල්හි ආකල්පය වූයේ නවීකරණය බටහිරකරණයට සමාන වන බවයි. ඒත් මෙම රටවල් බටහිර රටවල ක්‍රමයට අනුව සංවර්ධනය කළ ද සමාන ප්‍රතිඵල ලබා ගෙන නොමැත. නව සංවර්ධන මාවත සොයා ගැනීම මෙම රටවල ඉක්මන් බලාපොරොත්තුව බවට පත්ව තිබේ. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල පොදුවේ සංවර්ධනය ක්‍රියාත්මක කළ වසර 10 තුළ පොදු සාකච්ඡාව, පොදු සංවර්ධනය හා පොදු භාවිතය යන මූල ධර්මය අනුගමනය කිරීමෙන් චීනය හා අදාළ රටවල් අන්‍යෝන්‍ය වාසි ඉටු කරමින් පොදු ජයග්‍රහණය ලබා ගෙන තිබේ. අධික ගුණාත්මක භාවයෙන් යුතු “එක් තීරයක් එක් මාවතක්” පොදුවේ සංවර්ධනය ඔස්සේ විවිධ රටවල් ‍ඒකාබද්ධව නවීකරණය ළඟා කරගැනීම වෙනුවෙන් ඵලදායී මාවතක් උදාවනු ඇත.

සහයෝගතා මගින් පමණක් පරාජයන් ජයග්‍රහණය කර ජන ජීවිතයට හිතකර  දැවැන්ත ප්‍රතිඵල ලබා ගැනීමටත් හැකි වේ. ඉදිරි වසර 10 තුළ අධි ගුණාත්මක භාවයෙන් යුතු “එක් තීරයක් එක් මාවතක්” පොදු සංවර්ධනය ඔස්සේ විවිධ රටවල් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනගා ගනිමින් නවීකරණය සාක්ෂාත් කිරීමට නව අවස්ථා සැපයෙනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම