රාජ්‍ය නායකයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන එක් තීරයක් එක් මාවතක් නායක සංසදය ශ්‍රී ලංකාවට ඉතා සුවිශේෂයි
2023-10-19 10:56:13
Share with:

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල මගින් කලාපීය සියළුම රටවලට සාධනීය අපේක්ෂා ඉටුකර ගත හැකි අතර ශ්‍රී ලංකාවට ද එය ඉතා සුවිශේෂ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. එක් තීරයක් එක් මාවතක් වැඩසටහනේ දස වන සංවත්සරය හා තුන් වන නායක සංසදය මේ වන විට ලොව රටවල් රැසක රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර  එය ලොව ආර්ථික පුනරුදයට, පරිසර සංරක්ෂණයට සහ වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් පිළිබඳව ඇතුළු එහි දී දීර්ඝ ලෙස කෙරෙන සාකච්ඡා ඉතා වැදගත් බව ද  අමරවීර මහතා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති අතර ජාත්‍යන්තර අවධානය දිනා ගත හැකි පරිසරයක් එම සංසදයට සහභාගි වීමෙන්ම හිමිව ඇත. ගෙවුණු වසර 10 තුළ ආර්ථික කොරිඩෝ පෙරදැරි කරගෙන අන්තර්ජාල මාර්ග හා තොරතුරු අධිවේගී මාර්ග ප්‍රධාන කර ගනිමින් දුම්රිය මාර්ග, මහාමාර්ග, ගුවන් තොටුපළ, වරාය, නල මාර්ග යනාදී ව්‍යාපෘති ඔස්සේ ගෝලීය මට්ටමේ සම්බන්ධීකරණ ජාලයක් චීනය ස්ථාපිත කර තිබේ. “එක් තීරයක් එක් මාවතක් ”වැඩපිළිවෙළ තමන් පමණක් නොව අන් අයගේ සෞභාග්‍යවත් සංවර්ධනය ද සහතික කිරීමේ අරමුණින් සියලු පාර්ශ්ව එකමුතුවෙන් හා අන්‍යෝන්‍ය සහයෙන් යුතුව ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙළක් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කර ඇත. එම නිසා සත්‍ය වශයෙන්ම ඉදිරි කාලපරිච්ඡේදයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීමට මනා අනුබලයක් මෙන්ම සංවර්ධන ප්‍රතිලාභ රැසක් සඳහා පුළුල් මාවතක් විවර වනු ඇති බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම