චීන වෙළඳපොළ තවදුරටත් පුළුල් කිරීම විදේශ ව්‍යවසායන්ගේ පොදු අපේක්ෂාව බවට පත්වෙයි
2023-10-19 20:44:24
Share with:

6වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ලබන මාසයේ ෂංහැයි නුවරදී පැවැත්වීමට නියමිත ය. විදේශ ව්‍යවසායකයෝ රැසක් එහිදී සිය  නවෝත්පාදන ප්‍රගතීන් විදහා දැක්වීමට අපේක්ෂාවෙන් සිටිති. ඊයේ(18) නිකුත් කෙරුණු මෙම වසරේ මුල් කාර්තු 3නේ ජාතික ආර්ථික දත්තවලින් විදේශ ව්‍යවසායන්ගේ සැබෑ සැලකිල්ල පිළිබිඹු කෙරේ. එම දත්තවලට අනුව, වසරේ මුල් කාර්තු 3 තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම යුවාන් ට්‍රිලියන  91 ඉක්මවා ගොස් ඇති අතර, පසුගිය වසරේ සමාන කාලයට වඩා එය 5.2%කින් වර්ධනය වී ඇත. මෙම අගය ලෝකයේ ප්‍රධාන සංවර්ධිත ආර්ථිකයන්හි අගයන්ට වඩා වැඩිවීම කැපී පෙනේ. ‘චීන ආර්ථික වර්ධන වේගය අපේක්ෂිත වේගයට වඩා ඉහළයි’ ‘චීන ආර්ථික ප්‍රකෘතිය ප්‍රබලයි’ යනුවෙන් විදේශ මාධ්‍යයන් චීන ආර්ථික ක්‍රියාකාරීත්වය ඇගැයීමට ලක් කර තිබේ.

එවැනි අගයන් මගින් පිළිබිඹු කෙරෙන්නේ චීනය සතු දැවැන්ත වෙළඳපොළේ අවස්ථාවන් බව විදේශ ව්‍යවසායන්ගේ අදහසය. චීන වෙළඳපොළ සිය ප්‍රමුඛතාවක් වන අතර චීනයේ සිදු කරන ආයෝජන තවදුරටත් පුළුල් කරනු ඇති බව ඔවුන් සඳහන් කර තිබේ.

මේ අතර, චීන විදේශ වෙළඳාම ගෝලීය කාර්මික දාමයන් හා සැපයුම් දාමය සුමට ලෙස ක්‍රියාත්මක වීම තහවුර කෙරෙමින් පවතී. චීනය හා ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළට එක්වන රටවල් අතර වෙළඳාම ඒ අතරින් කැපී පෙනේ. චීනය එවැනි රටවලට මේ වසරේ මුල් කාර්තු 3නේ සිදු කර ඇති අපනයන හා ආනයන වර්ධනය 3.1%ක් වූ අතර, එම වටිනාකම ඒ කාලයේ චීනයේ සමස්ත අපනයන හා ආනයන වටිනාකමෙන් 46.5%ක අගයක් ගැනීම විශේෂත්වයකි.

එවැනි අගයන්, චීන රජයේ විවෘතභාවය තහවුරු කිරීමේ අධිෂ්ඨානයේ මනා පිළිබිඹු වීමකි. විදේශ ව්‍යවසායන් නිෂ්පාදන කර්මාන්තයට පිවිසීමේ සීමා පූර්ණ වශයෙන් අහෝසි කරනු ඇති බවටද චීනය ප්‍රකාශ කර තිබේ. චීනයේ විවෘතභාවය තවදුරටත් පුළුල් කිරීම මෙමගින් පිළිබිඹු කෙරෙනු ඇති බවට කිසිදු සැකයක් නොමැත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම