විවිධ රටවල ගෝලීය සැපයුම්, කාර්මික හා වටිනා දාමයන්ට මනාව ඇතුළත් වීම ප්‍රවර්ධනය කෙරෙන චීනයේ යෝජනාව
2023-10-19 21:21:05
Share with:

ඊ‍යේ(18) පැවති 3වැනි “එක් තීරයක් එක් මාවතක්”ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයේදී හංගේරියානු අග්‍රාමාත්‍ය Orbán Viktor මහතා හං‍ගේරියා-සර්බියා දුම්රිය මාර්ග සංවර්ධනය ඉහළින් අගය කළේය. අන්තර් සබඳතා හා අන්තර් කාර්යයන් පිළිබඳ නව අවස්ථා විමසා බලන ලෙස හෙතෙම එහිදී යුරෝපයෙන් හා සමස්ත ලෝකයෙන් ඉල්ලා සිටියේය.

Orbán Viktor මහතා සඳහන් කළ අන්තර් සබඳතා හා අන්තර් කාර්යයන්, “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීමේ ප්‍රධාන මාර්ගයක් වන අතර මෙවර සංසදයේ වැදගත් ඉස්මතු කිරීමක්ද වෙයි. උසස් ගුණාත්මකභාවයෙන් යුතුව“එක් තීරයක් එක් මාවතක්”පොදුවේ සංවර්ධනය කිරීමේදී චීනයේ සහයෝගය හිමි වන මෙහෙයුම් අටක් ෂී ජින් පිං මහතා සංසදයේදී ප්‍රකාශ කළේය. ඉන් පළමුවැනි මෙහෙයුම “‘එක් තීරයක් එක් මාවතක්’ ත්‍රිමාණ අන්තර් සබඳතා හා අන්තර් කාර්ය ජාල ගොඩනැගීම”යි. ඉන් පිළිබිඹු වන්නේ, අන්තර් සබඳතා හා අන්තර් කාර්යයන් ඉදිරියේ“එක් තීරයක් එක් මාවතක්”පොදුවේ ගොඩනැගීමේහි ප්‍රමුඛතම ක්ෂේත්‍රයක් බවයි.

‘ත්‍රිමාණ අන්තර් සබඳතා හා අන්තර් කාර්ය ජාල’ගොඩනැගීම විවිධ රටවල ගෝලීය සැපයුම්, කාර්මික හා වටිනා දාමයන්ට මනාව ඇතුළත් වීම ප්‍රවර්ධනය කරනු නිසැකය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම