එක් තීරයක් එක් මාවතක් සැලසුම් රාමුව සහ සැබෑ දර්ශනය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට මහත් පිටුබලයක්
2023-10-18 15:35:31
Share with:

ගෙවී ගිය දස වසර තුළ ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළට එක් ව සිටින විවිධ රටවල් එම මූලික අභිලාෂයන් හා ඉලක්ක අරමුණු කරා ප්‍රායෝගිකව ගමන් කිරීමටත් වඩා ඵලදායී ලෙස ජගත් සහයෝගතා තහවුරු කර ඉන් සාර්ථක ප්‍රතිඵල දිනා ගැනීමට සමත් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කියා සිටී.

“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ තුන්වන ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයේ සමාරම්භක උළෙල අද (18) චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එයට සහභාගී වීම සහ රාජ්‍ය නායකයින් මුණගැසීම ශ්‍රී ලංකාවට වාසි රැසක් ගෙන දීමට සමත්වනු ඇත. විශේෂයෙන් පසුගිය කාලය තුළ ලෝකයේ රටවල් 100කට වැඩි ප්‍රමාණයක් චීන ආයෝජන සහ එක් තීරයක් එක් මාවතක් වැඩසටහනේ සු‍විශේෂ ව්‍යාපෘති 53කට වැඩි ප්‍රමාණයක් ලෝකය පුරා ක්‍රියාත්මක වෙමින් තිබේ. ගෝලීය ආර්ථික වර්ධන වේගය ඉහළ නැංවීමට මෙම ව්‍යාපෘති තුළින් ප්‍රබල අනුබලයක් ලැබෙන බවට ජාත්‍යන්තර සංවිධාන පුරෝකථනය කර ඇති බව ද වජිර අබේවර්ධන මහතා පැවසීය.

උසස් ගුණාත්මකභාවයෙන් යුතුව“එක් තීරයක් එක් මාවතක්”පොදුවේ සංවර්ධනය කිරීමේදී චීනයේ සහයෝගය හිමි වන මෙහෙයුම් අටක් පිළිබඳව ෂී ජින් පිං මහතා නායක සංසදයේ දී ප්‍රකාශ කළේය. එම සැලසුම් රාමුව සහ සැබෑ දර්ශනයක් ඔස්සේ යථාර්ථයක් බවට පත්කෙරෙන පුළුල් ක්‍රියාවලියෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ප්‍රගමනයට මහත් පිටුබලයක් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ද එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම