එක්සත් ජාතීන්ගේ රැස්වීමේදී චීනයේ සාධාරණ ස්ථාවරය වෙනුවෙන් පාර්ශ්ව රැසක්
2023-10-18 10:11:45
Share with:

78 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තුන්වන කමිටුව ඊයේ(17) මානව හිමිකම් ගැටළු පිළිබඳ පොදු විවාදයක් පැවැත්විය. එහිදී සංවර්ධනය වෙමින් පවතින සහ මිත්‍ර පාර්ශ්වයේ රටවල් චීනයට සහාය දක්වමින් අදහස් ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Zhang Jun මහතා එම විවාදයට සහභාගී වී ජාතික ප්‍රකාශය ඉදිරිපත් කළේය. එමෙන්ම හෙතෙම ගෝලීය ආරක්ෂක මුලපිරුම, ගෝලීය සංවර්ධන මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම මගින් පැහැදිලි කෙරෙන මානව හිමිකම්වල සැබෑ අර්ථය පිළිබඳව විග්‍රහ කර ඇත. චීන ලක්ෂණ සහිත සංවර්ධන මාවත සහ එහි ජයග්‍රහණ තුළින් චීනයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සුළුතර බටහිර රටවල ව්‍යාජ මතයන් අසත්‍ය වී ඇති බව ද පෙන්වා දී ඇත.

රටවල් 72ක් වෙනුවෙන් පාකිස්තානය ද ‘එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ආරක්ෂා කිරීම සඳහා මිත්‍ර පාර්ශ්වයේ’ සාමාජිකයින් 19ක් වෙනුවෙන් වෙනිසියුලාව ද මෙහිදී ඒකාබද්ධ ප්‍රකාශ ඉදිරිපත් කරමින් චීනයේ මානව හිමිකම් ප්‍රයත්නයන් අගය කර ඇත. එමෙන්ම ඇමරිකාව සහ යම් බටහිර බලවේග ඒකපාර්ශ්වික බලහත්කාර පියවරයන් අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් හෙලිදරව් කරමින් Zhang Jun මහතා රටවල් 28 ක් වෙනුවෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් ද සිදු කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම