ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරික මුදල ඉදිරි සතියේදී
2023-10-18 14:33:26
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාගැනීමට නියමිත දෙවන වාරික මුදල ඉදිරි සතියේදී හිමිවනු ඇති බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු සඳහන් කළේ, එම අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක මට්ටමකට පැමිණ ඇති බවය.

ඇතැම් කරුණු සම්බන්ධයෙන් වන  එකඟතාවන්හී ඇතැම් ප්‍රමාදවීම්  පැවතියද සාකච්ඡා සාර්ථක බව හෙතෙම කියා සිටී. ඒ හේතුවෙන් ඉතාම නුදුරේ දීම දෙවැනි වාරිකය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රේගු නිලධාරීන්ගේ ආරක්ෂාව වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවද පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම