ශ්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණයට හුවාවෙයි සමාගමේ සහාය
2023-10-18 14:17:58
Share with:

ශ්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණය සඳහා හුවාවෙයි සමාගමේ සහාය ලබාදීම පිළිබඳ ගිවිසුමකට  අත්සන් තැබේ.

ජනාධිපතිවරයා ‍බෙයිජිං නුවර හුවාවෙයි සමාගමේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සිදුකළ සංචාරයක් අතරතුරදී මෙම ගිවිසුමට අත්සන් තැබිණ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හුවාවෙයි තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ එම සමාගමේ ආසියා පැසිෆික් කලාපීය සභාපති සයිමන් ලින් මහතා එම ගිවිසුමට අත්සන් තැ‍බූහ.

ශ්‍රි ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බවද සයිමන් ලින් මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් ඩිජිටල් අධ්‍යාපන ක්‍රමවේදය සහ හරිත බලශක්ති නිෂ්පාදනය සම්බන්ධයෙන් චීන රජයේ මෙන්ම හුවාවෙයි සමාගමේ සහාය ද ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම