මානුෂික ප්‍රශ්න දේශපාලනීකරණය නොකොට එම ගැටළුව විසඳීමට දරන උත්සාහය අත් නොහැරිය යුතුයි--චීන නියෝජිත
2023-10-18 10:26:56
Share with:

පසුගිය 16 වැනිදා පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමකදී චීන නියෝජිතයෙකු සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සඳහා ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර සටන් විරාමයක් ඉල්ලා සිටියේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වගකිවයුතු කාර්යභාරයක් ඉටු කිරීමේදී සාමය ඉලක්ක කරගත් සියලු උත්සාහයන්ට චීනය සහාය වන බවත්, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට සහ මානුෂීය අර්බුදය අවම කිරීමට හිතකර වන සියලුම මුලපිරීම් සාදරයෙන් පිළිගන්නා බවත් ඔහු පැවසීය.

ඉහත සඳහන් කළ ස්ථාවරය මත පදනම්ව, රුසියාව විසින් කෙටුම්පත් කරන ලද යෝජනාවට පක්ෂව චීනය ඡන්දය ප්‍රකාශ කළ බව රැස්වීමේ ඡන්ද විමසීමෙන් පසු පැහැදිලි කිරීමේ ප්‍රකාශයක් කරමින් චීන නියෝජිත Zhang Jun මහතා පැවසීය.

රුසියාව විසින් කෙටුම්පත් කරන ලද යෝජනාවෙන් පෙන්නුම් කරන්නේ කවුන්සිලයේ මානුෂීය උත්සුකයන් සහ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කිරීමේ සමස්ත දිශාවයි. කවුන්සිලය මෙම කෙටුම්පත් යෝජනාවට එකඟ වීමට අපොහොසත් වීම පිළිබඳව චීනය දැඩි ලෙස කනගාටු වන බව ඔහු පැවසීය.

මානුෂික ප්‍රශ්න දේශපාලනීකරණය නොකොට එම ගැටළුව විසඳීමට  දරන උත්සාහය අත් නොහැරිය යුතුය. සියලු පාර්ශ්වයන් එකඟතාවයක් අපේක්ෂා කරන අතර ආතතිය ලිහිල් කිරීමට සහ මානුෂීය ව්‍යසනයක් වළක්වා ගැනීමට වඩාත් ක්‍රියාකාරී ක්‍රියාමාර්ග ගැනීමට චීනය බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම