ශ්‍රී ලංකාවේ නාගරික ජනගහණයේ සැලකිය යුතු වර්ධනයක්
2023-10-18 14:28:47
Share with:

ශ්‍රී ලංකාවේ නාගරික ජනගහණය 44.57% ක් දක්වා වැඩි වී ඇති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිවෙයි.

ඊට අදාළ වාර්තාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත භාරදීම ඊයේ (17) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු කෙරිණ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නගර හා ග්‍රාම නිර්මාණ පනත අනුව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

ශ්‍රී ලංකාවේ නාගරීකරණය සම්බන්ධයෙන් අවසන්වරට සමීක්ෂණයක් සිදුකර ඇත්තේ 2012 වසරේදීය. එම ජන හා නිවාස සංගණනයට අනුව මෙරට නාගරීකරණය 18.2 % ක් විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම