සාමයේ සහ සහජීවනයේ මෙන්ම අනාගත සංවර්ධනයේ මාවත එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළයි
2023-10-17 08:50:54
Share with:

“එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ” 2013 වර්ෂයේ දී චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ පුළුල් දැක්ම සහිතව නිර්මාණය වූ නව ඇරඹුමකි. ආයෝජන සහ වෙළඳාම ප්‍රවර්ධනය කිරීම මෙන්ම රටවල් අතර සහයෝගීතාවය සහතික කරමින් වසර 10ක් පුරාවට මෙය සාර්ථකව ක්‍රියාත්මක විය. එමෙන්ම මෙම යෝජනාවට පසු චීන ජනාධිපතිවරයා තවත් වැදගත් සංකල්ප තුනක් හඳුන්වා දුන්නේය. ඒ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුමයි. මෙම සංකල්ප එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වූ බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

ලෝකයේ රටවල් 150ක් පමණ ‍මේ වන විට “එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ” සමග සම්බන්ධව සිටී. ආසියාව, අප්‍රිකාව, යුරෝපය මෙන්ම දකුණු ඇමරිකාවේ රටවල් ද මෙම වසර 10 තුළ මෙමගින් සාර්ථක ප්‍රතිලාභ අත් කර ගෙන ඇත. විශේෂයෙන්ම අප්‍රිකානු කලාපයේ පැහැදිලි පිබිදීමක් දැක ගත හැකි බව හෙතෙම කියාසිටී.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉදි කිරීමේ සිට මහා පරිමාණ ව්‍යාපෘති රාශියක් ඉතා සාර්ථකව ක්‍රියාවට නැංවීමට අවස්ථාව ලැබුනේ මෙම වැඩපිළිවෙළ ඔස්සේය. සෘජු සහ වක්‍ර රැකියා විශාල ගණනක් නිර්මාණය කිරීමටත්, පොදුවේ විදේශ විනිමය ඉපයීම් ඉහළ නංවාලීමට සහ ජීවන තත්ත්වය උසස් කිරීමට ද මෙම ව්‍යාපෘති හරහා හැකි විය. එලෙසම සියලු රටවල සංවර්ධන කාර්යය උදෙසා “එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ” දායක වී ඇත. මෙය සාමයේ සහ සහජීවනයේ මෙන්ම අනාගත සංවර්ධනයේ මාවත වනු ඇති බව ද බව ඒ මහතා අවධාරණය කළේය.

පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් වෙනුවෙන් ෂී ජින්පිං ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සිය පක්ෂය උපරිම සහයෝගය ලබා දෙන බවත්, තුන්වැනි“එක් තීරයක් එක් මාවතක්”ජාත්‍යන්තර සහයෝගිතා සංසදය වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කරන බව ද වෛද්‍ය ජී. වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම