චීනයේදී ජනපතිට උණුසුම් පිළිගැනීමක්
2023-10-17 15:35:49
Share with:

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන“එක් තීරයක් – එක් මාවතක්”තෙවැනි සමුළුවට සහභාගී වීම සඳහා චීනයට පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බෙයිජිං නුවරදී උණුසුම් ලෙස පිළිගැනේ.

අද(17) ඇරඹි “එක් තීරයක් - එක් මාවතක්”සමුළුවට සහභාගී වූ ජනාධිපතිවරයා, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවීමට ද නියමිතය.

රටවල් 130ක නියෝජිතයින් සහ ගෝලීය සංවිධාන 30ක් පමණ සහභාගී වන සමුළුවේ මෙවර තේමාව ''පොදු සංවර්ධනයක් සහ සශ්‍රීකත්වයක් උදෙසා එක්වෙමු'' යන්නයි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය සංචාරය තුළදී චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

ජනාධිපතිවරයා එළැඹෙන 20 වනදා දක්වා චීනයේ රැඳී සිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම