චීන, ඉරාන හා තුර්කි විදේශ ඇමතිවරුන් අතර දුරකථන සංවාදයක්
2023-10-16 11:07:00
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික හා චීන විදේශ ඇමති වන්ග් යී මහතා, ඊයේ(15) ඉරාන හා තුර්කියේ විදේශ ඇමතිවරුන් සමඟ වෙන් වෙන් ව දුරකථන සංවාදවල නිරත විය. 

ඉරාන හා තුර්කි විදේශ ඇමතිවරුන් එහිදී පොදුවේ අදහස් කළේ, දැනට පවතින පලස්තීන-ඊශ්‍රායල් ගැටුම අඛණ්ඩව දරුණු වෙමින් පවතින අතර, වහාම සටන් විරාමයක් සඳහා එළඹීම එහි ප්‍රමුඛතාව බවයි. එමෙන්ම පලස්තීන ප්‍රශ්නයට දීර්ඝ කාලීන සහ තිරසාර විසඳුමක් සොයා ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. "ද්වි-රාජ්‍ය විසඳුමෙන්" බැහැර වන කවර  හෝ විසඳුමක් සාර්ථක නොවනු ඇත. පලස්තීන ප්‍රශ්නයට විසඳුමක් වෙනුවෙන් එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ චීනය දරන උත්සාහයන්ට  සහාය දෙන බවත්, කලාපය තුළ කල්පවත්නා සාමයක් සාක්ෂාත් කර ගැනීම සඳහා චීනය සමඟ එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත්, ඉරාන හා තුර්කි විදේශ ඇමතිවරු සඳහන් ක‍ළහ.

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර තත්ත්වය මේ දක්වා වර්ධනය වීමට මූලික හේතුව , පලස්තීන ජනතාවගේ රාජ්‍යත්වය සඳහා වූ අයිතිය දීර්ඝ කාලයක් පුරා අත්හිටුවා තිබීම සහ ඔවුන්ගේ ආපසු පැමිණීමේ අයිතිය දීර්ඝ කාලයක්  නොසලකා හැරීම බව වනග් යී මහතා එහිදී සඳහන් කළේ ය. මෙම ඓතිහාසික අසාධාරණය හැකි ඉක්මනින් නිවැරදි කළ යුතුය. චීනය තවදුරටත් සාමය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින අතර, පලස්තීන ජනතාවගේ ජාතික අයිතීන් සුරැකීම සඳහා ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් වෙත සහාය දක්වනු ඇත. "ද්වි-රාජ්‍ය විසඳුම" ක්‍රියාවට නැංවීමට හිතකර සියලු උත්සාහයන්ට චීනය සහාය පළ කරන බව ද හෙතෙම කීය. කැලඹිලි සහිත ජාත්‍යන්තර තත්ත්වයට වඩාත් නිශ්චිතභාවයක් ගෙනදීම සඳහා, ඉරානය සහ තුර්කිය සමඟ අඛණ්ඩව සන්නිවේදනයන් පවත්වා ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන විදේශ ඇමතිවරයා  සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම