චීනය ඇෆ්ගනිස්ථානයට පරිත්‍යාග කරන ලද සහනාධාර එරටට ළඟා වෙයි
2023-10-16 10:38:12
Share with:

ඇෆ්ගනිස්ථානයට චීන රජය විසින් පරිත්‍යාග කරන ලද පළමු භූමිකම්පා සහන සැපයුම් ඊයේ(15) භාර දී තිබේ. එරට හේරත් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී චීන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකකින් එම කූඩාරම් සහ රෝහල් ඇඳන් ඇතුළු සහන ද්‍රව්‍ය භාර දී ඇත.

රික්ටර් පරිමාණයේ 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා දෙකක්, පසු කම්පන කිහිපයක්, බටහිර ඇෆ්ගනිස්ථානයට ඔක්තෝබර් 7 වන දින බලපෑ අතර අවම වශයෙන් 2,000 ක පිරිසක් මිය ගොස් තවත් දහස් ගණනක් තුවාල ලැබූහ. චීන රජය විසින් ඇෆ්ගනිස්ථානයට හදිසි මානුෂීය ආධාර ලබා දීමට පොරොන්දු වී ඇත. ඇෆ්ගන් පාර්ශවයේ අවශ්‍යතා අනුව, චීනයේ ආධාර සැපයුම්වලට ප්‍රධාන වශයෙන් කූඩාරම්, නම්‍යශීලී ඇඳන් සහ විශාල බ්ලැන්කට් ඇතුළත් වේ. චීන පෞද්ගලික පතල් සමාගමක් පසුගිය බ්‍රහස්පතින්දා හේරත්හි භූමිකම්පාවෙන් විපතට පත් පවුල් සඳහා ඇෆ්ගනිස්ථාන මිලියන 2.27 (ඇ.ඩො 30,000) පරිත්‍යාග කළේය. ඇෆ්ගනිස්ථාන පදනමක් සහිත චීන පුරවැසියන් ද ඩොලර් 17,000 කට වඩා වැඩි මුදලක් පරිත්‍යාග කර ඇත.

 

 

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම