අධ්‍යාපනයේ විප්ලවීය පරිවර්තනයක් අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි
2023-10-16 13:47:53
Share with:

පාසල් විෂය මාලාවට සීමා නොවී ඉන් බැහැරට ගමන් කරන අධ්‍යාපන පරිවර්තනයක් අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. පහේ ශිෂ්‍යත්ව අභියෝගයට දරුවන් සූදානම් කිරීමේ දී ප්‍රධාන විෂය ක්ෂේත්‍ර තුනක නිපුණතා වර්ධනයට පමණක් අවධානය යොමු කරන නිසා දරුවන්ගේ සමබර කුසලතා ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය අනෙකුත් ප්‍රධාන විෂය නිපුණතා හතක් පමණ මගහැරෙන බව ද ඔහු මෙහිදී පෙන්වා දී ඇත.

විද්‍යාව, තාක්ෂණය, ඉංජේනේරු විෂය, ගණිතය හා සෞන්දර්යාත්මක විෂය යන මනා විෂය සංකලනයකින් යුක්ත ව දරුවන්ගේ නිපුණතා වර්ධක ප්‍රායෝගික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

නව STEAM අධ්‍යාපන සංකල්පය මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාවට නැංවීමේ ප්‍රවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවයට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම