චීනයෙන් පලස්තීනයට හදිසි මානුෂීය සහනාධාර
2023-10-16 17:43:36
Share with:

චීනය පලස්තීනයට හදිසි මානුෂීය සහනාධාර ලබා දෙයි. චීන රජයේ ජාත්‍යන්තර සංවර්ධන හා සහයෝගිතා පරිපාලනයේ මාධ්‍ය ප්‍රකාශක Xu Wei මහතා අද(16) මේ බව ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ගාසා තීරයේ මානුෂීය තත්ත්වය ලිහිල් කිරීම සඳහා, චීනය එක්සත් ජාතීන්ගේ සරණාගත සහන වැඩපිළිවෙළටත්, පලස්තීන ජාතික අධිකාරියටත් හදිසි මානුෂීය ආධාර සපයමින් සිටින බව හෙතෙම පැවසීය. එය ගාසා තීරයේ ආහාර, වෛද්‍ය ප්‍රතිකාර, නිවාස සහ අනෙකුත් හදිසි අවශ්‍යතා වෙනුවෙන් යොදා ගත හැකි බව ද ඔහු සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම