2030 සහ 2034 ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරක රටවල් ලබන වසරේ දී එකවර තෝරා ගැනීමේ තීරණයක්
2023-10-16 10:33:14
Share with:

2030 සහ 2034 ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරක රටවල් ලබන වසරේ දී එකවර තෝරා ගැනීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කරයි.

මුම්බායි හි පැවති 141 වන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සැසියේදී මෙම තීරණය ගෙන තිබේ. දේශගුණික විපර්යාස පිළිබඳ කනස්සල්ල ශීත ඍතු  ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ද්විත්ව සත්කාරකත්වය එකවර පිරිනැමීමේ තීරණයට හේතුවී  ඇත .

අදාළ වාර්තා දෙකක‍ට අනුව පවතින සාමාන්‍ය උෂ්ණත්වය සහ තිරසාරභාවය ඇතුළු  ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්ණායක  මත පදනම්ව, 2040 වන විට ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා ‍උළෙලට සත්කාරකත්වය ලබාදිය හැකි  රටවල් සංඛ්‍යාව 10කට සීමාවී තිබේ.

මේ වන විට ප්‍රංශය, ස්විට්සර්ලන්තය සහ ස්වීඩනය 2030 ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය සඳහා  කැමැත්ත පළ කර  ඇත. ඇමරිකාවේ  සෝල්ට් ලේක් නගරය  2034 වසරේ  සත්කාරකත්වයට  උනන්දුවෙන් පසුවන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු අනාගත සත්කාරක කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා තිබේ. මේ අතර ජපානයේ සප්පොරෝ නගරය  2030  ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා වූ සිය අභිලාෂය අතහැර දමා තිබේ.

2026 ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉතාලියේ මිලාන්-කෝටිනා ඩි හිදී පැවැත්වේ.

 

 

 

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම