පලස්තීන හා ඊශ්‍රායල ගැටුම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර හා ප්‍රාදේශීය සමුළු පැවැත්වීමට ඊජිප්තුවේ කැමැත්ත
2023-10-16 10:43:56
Share with:

පලස්තීන හා ඊශ්‍රායල ගැටුම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර හා ප්‍රාදේශීය සමුළු පැවැත්වීමට ඊජිප්තුව කැමැත්තෙන් සිටින බව ඊජිප්තු ජනාධිපති Abdel Fattah al Sisi මහතා පවසයි. රටවල් දෙකක විසඳුම හැර පලස්තීන ප්‍රශ්නය විසඳිය හැකි සෙසු විසඳුමක් නොමැති බව Abdel Fattah al Sisi මහතා කියා සිටියේය. ඊශ්‍රායලය  ගාසා තීරයේ අවතැන් ස්ථානවල රැඳී සිටින වැසියන්ට එරෙහි බලහත්කාරී ක්‍රියා සිදු කිරීම හා අසල්වැසි රටවල ප්‍රතිලාභ අහිමි කිරීම මගින් පලස්තීන ප්‍රශ්නය විසඳීමට ගන්නා ඕනෑ ම වෑයමකට ඊජිප්තුව විරෝධය පළ කරයි.

පලස්තීනය හා ඊශ්‍රායලය ගැටුම් හටගැනීමෙන් පසු ඊජිප්තුව Rafah දේශසීමා දොරටුව අඛණ්ඩව විවෘත කර ඇත. එහෙත් ඊශ්‍රායලය එම දොරටුවේ පලස්තීන පාර්ශ්වයේ ප්‍රදේශය වෙත එල්ල කරන ප්‍රහාර හේතුවෙන් එය සාමාන්‍ය අන්දමින් ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම