ලෝකයට නව බලාපොරොත්තුවක් ගෙන එන එක් තීරයක් එක් මාවතක්
2023-10-16 12:11:47
Share with:

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ චීනය විසින් ඉදිරිපත් කර මේ වන විට දශකයක් ගත වී ඇත.ගෙවුණු දශකයේ මෙම වැඩපිළිවෙළෙන් ලෝකයට බොහෝ යහපත සැලසී තිබෙන බව ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන තිබේ.ගෝලීය සංවර්ධන ගැටළු නිරාකරණයට එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ මනා විසඳුමකි.ගත වූ වසර 10 තුළ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් ඊට අදාළ රටවල වෙළඳාම 4.1%කින් වර්ධනය වී ඇතැයි ලෝක බැංකු පර්යේෂණයකින් හෙළිවී තිබේ.2030 වසර වන විට එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ මගින් ලෝකය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.6ක ලාභයක් ගෙන දෙනු ඇති බවත්, ඉන් අදාළ රටවල මිලියන 7.6ක ජනතාවක් අන්ත දිළිඳුකමින් මුදාගැනීමට හැකිවනු ඇති බවත්, ලෝක බැංකුවේ එම පර්යේෂණය සඳහන් කරයි.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ පසුගිය ජුනි මාසය දක්වා චීනය රටවල් 150ක් හා ජගත් සංවිධාන 30කට වැඩි සංඛ්‍යාවක් සමග සහයෝගිතා ලියවිලි 200ක් පමණ අත්සන් කර තිබේ.ජගත් ප්‍රජා‍වේ පොදු පිළිගැනීමට ලක්ව ඇති මෙම වැඩපිළිවෙළ ලෝකයට ගෙන දී ඇත්තේ ආර්ථික ලාභයන් පමණක් නොව, නව කළමනාකරණ ක්‍රමවේද බව විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

 චීනය සේද මාවත අරමුදල මෙන් ම රටවල් රැසක් සමග එක්ව ආසියානු යටිතල පහසුකම් හා ආයෝජන බැංකුව ද ස්ථාපිත කර ඇත.එමගින් සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධනයේ මූල්‍ය හිඟය සමනය කිරීමටත් ගෝලීය ආර්ථික කළමනාකරණ පද්ධතිය පූර්ණ කිරීමටත් හැකි විය. ‍පොදු සාකච්ඡා, පොදු සංවර්ධනය හා පොදු බෙදාගැනීම එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ මූලධර්මයයි.මෙම මූලධර්මය පදනම් කරගෙන චීනය ක්‍රියාවෙන් බහුපාර්ශ්වවාදය රැකගනිමින් සෙසු රටවල් සමග සහයෝගිතා පවත්වමින් පොදු ජයග්‍රහණ ලබාගෙන තිබේ. පොදු සාකච්ඡා, පොදු සංවර්ධනය හා පොදු බෙදාගැනීම, ජගත් කළමනාකරණයට නව අර්ථයන් එක් කර ඇත.

 මානව සමාජය පොදුවේ නවීකරණය වෙත   ගෙනයාමට එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ නව මාර්ගයක් පාදා තිබේ. මෙම වැඩපිළිවෙළ අදාළ රටවල හැකියා සංවර්ධනය ශක්තිමත් කර එම රටවල දෛවය හා ඉදිරි අනාගතය වඩාත් දීප්තිමත් දිශාවකට ගෙන යාමට හැකිවනු  ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම