‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළට ගෝලීය තරුණ ප්‍රජාවගේ උපරිම විශ්වාසය පළ වේ
2023-10-15 18:34:01
Share with:

 ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ දශක සංවත්සර සැමරුම නිමිත්තෙන්, චීන මාධ්‍ය සමූහය හා චීන රෙන්මින් විශ්වවිද්‍යාලය ගෝලීය තරුණ පරපුර සහභාගි කරවා ගනිමින් ජනමත විමසුමක් පවත්වා ඇත. අවුරුදු 18ත් 44ත් අතර වයස් කාණ්ඩයේ සිටින තරුණ පිරිස මීට එක්වූහ. ඔවුන් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ කේන්ද්‍රීය සංකල්පය සපුරා පිළිගන්නා බව එම ජනමත විමසුමේ ප්‍රතිඵලයෙන් ප්‍රකාශ වී ඇත.

 විමසුමට සහභාගි වූ 84.6% ක පිරිසක්, චීනය විසින් ප්‍රවර්ධනය කෙරුණු ‘සාමකාමී සහයෝගතාව, විවෘතභාවය, අන්‍යොන්‍ය අධ්‍යයනය හා අන්‍යොන්‍ය ප්‍රතිලාභ සහිත ජයග්‍රහණ’ පිළිබඳ ‘සේද මාවතේ ජීවගුණයට’ පක්ෂපාතීත්වය දක්වා ඇත. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ මගින් විවිධ රටවල් ඒකාබද්ධ වීමෙන් පොදු ප්‍රතිලාභ අත්විඳින ප්‍රජාවක් ගොඩනැගුණු බව  85.8%ක තරුණයන්ගේ අදහස වී තිබේ. සාමය, සංවර්ධනය,  සහයෝගතාව හා පොදු ජයග්‍රහණය පිළිබඳ ඓතිහාසික ප්‍රවණතාවට ගැලපෙන ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ, නොසන්සුන්භාවයෙන් පිරී ඇති ලෝකයට නිශ්චිතතාව එකතු කර ඇතැයි යන්න 83 % කගේ මතය යි.

මෙම ජනමත විමසුමට, ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජපානය, දකුණු අප්‍රිකාව, ආජන්ටිනාව, තායිලන්තය, නයිජිරියාව, පේරු හා මෙක්සිකෝව ඇතුළු රටවල් 35ක තරුණ තරුණියෝ 3857 දෙනෙක් එක්වූහ. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම