ඉන්ධන සංචිත කළමනාකරණය කෙරෙහි රජයේ අවධානය
2023-10-15 18:40:55
Share with:

ගාසා තීරයේ පවතින යුදමය වාතාවරණය තුළ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සැපයුම්වල අවිනිශ්චිතභාවය හේතුවෙන් මෙරට පවතින ඉන්ධන සංචිත ආරක්ෂා කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පසුගිය දා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති අතර, ඒ අනුව පවතින ඉන්ධන තොග නිසි කළමනාකරණ ක්‍රමවේදයකට යටත් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියාසිටී.

ඉදිරි මාස දෙකක කාලයකින් පසු රටේ ඉන්ධන සංචිත ආරක්ෂා කරගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සාකච්ඡා ආරම්භ කර තිබේ.

සයිනෝපෙක් චීන  සමාගම ද මෙරට ඉන්ධන මෙහෙයුම් ඉටුකරන බැවින් ඉදිරියටත් අර්බුදයකින් තොරව ඉන්ධන සැපයුම පවත්වාගෙන යාමට හැකිවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

කෙසේවෙතත් දැනට ඉන්ධන සම්බන්ධයෙන් කිසිදු ගැටලුකාරී තත්ත්වයක් මතුව නොමැති අතර, ඉදිරියේ දී යම් අර්බුදයක් ඇති වුවහොත් ඊට සැලසුම් සහිත ව සූදානමින් පසුවන්නැයි රජය අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම