උග්‍රවෙමින් පවතින පලස්තීන – ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය කිරීමට ගෝලීය එකමුතුවක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි
2023-10-15 18:41:56
Share with:

උග්‍රවෙමින් පවතින පලස්තීන – ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය කිරීමට ගෝලීය එකමුතුවක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ, ඉන්දියන් සාගරය පිළිබඳ විශේෂඥ ජාත්‍යන්තර පර්යේෂණ පදනමක් වන Geopolitical Cartographer විසින් කොළඹ දී සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය සහ ගෝලීය වශයෙන් ඇති විය හැකි බලපෑම පිළිබඳව ද අදහස් දැක්වීය. ද්විරාජ්‍ය විසඳුම ප්‍රායෝගිකව කාලීන අවශ්‍යතා අනුව යොදාගත යුතු බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම