මධ්‍යම – ඉහළ මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති 09 ක ඉදිකිරීම් යළි ඇරඹෙයි
2023-10-15 18:43:13
Share with:

මධ්‍යම හා ඉහළ මධ්‍යම පාංතිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති 9ක ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

මාකුඹුර, මාලබේ, බොරලැස්ගමුව, ඔරුගොඩවත්ත, පෑලියගොඩ හා අනුරාධපුර ප්‍රදේශවල මෙම නිවාස ව්‍යාපෘති ඉදිකෙරේ.

මෙම නිවාස ව්‍යාපෘති 9 නිවාස ඒකක 2918 කින් සමන්විත වේ. ඉකුත් 2021 වසරේ දී ඇරඹුණු මෙම ව්‍යාපෘතිවල ඉදිකිරීම් ආර්ථික අර්බුද හේතුවෙන් නතර කර තිබිණ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙම නිවාස ව්‍යාපෘති සැලසුම් හා ක්‍රියාත්මක කි‍රීමේ කටයුතු ක්‍රියාවට නංවයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම