“ශිෂ්ටාචාරය ඔස්සේ චාරිකාවක්” ප්‍රදර්ශනය බ්‍රිතාන්‍යයේ දී
2023-10-14 18:30:42
Share with:

“ශිෂ්ටාචාරය ඔස්සේ චාරිකාවක්” ප්‍රදර්ශනය බ්‍රිතාන්‍යයේ දී පැවැත්වේ.

චීන මාධ්‍ය සමූහය සංවිධානය කළ එම ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය පසුගිය 12 වැනි දා බ්‍රිතාන්‍ය රාජකීය මුදල් කෞතුගාකාරයේ පුරාණ පරිශ්‍රයේ දී පැවැත්විණ.චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උපප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා වීඩියෝ ආකාරයෙන් ඊට එක්වෙමින් දේශනයක් පැවැත්වීය. 

චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන කෙරෙන “ශිෂ්ටාචාරය ඔස්සේ චාරිකාවක් ” ප්‍රදර්ශනය චීන සංස්කෘතියේ මූලාශ්‍රය සොයා යන, චීන සාම්ප්‍රදායික සංස්කෘතිය මනා ව පිළිබිඹු කරන අවස්ථාවකි. රටේ මාධ්‍ය වගකීම නිසි අයුරින් භාරගන්නා චීන මාධ්‍ය සමූහය, චීන-යුරෝපා මානව හුවමාරු නංවා,  ශිෂ්ටාචාරයන්හි අන්‍යොන්‍ය අධ්‍යයන පුළුල් කරමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමට බුද්ධිය හා ශක්තිය ලබාදෙන බව ද Shen Haixiong මහතා මෙහිදී පැවසීය.


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම