ඩිජිටල්කරණයට ප්‍රවේශ වීමට රටේ සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතු බව ජනපති කියයි
2023-10-14 18:28:13
Share with:

රටේ සිදුවෙමින් පවතින ඩිජිටල්කරණයට ප්‍රවේශ වීමට සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී. ඒ සඳහා අවශ්‍ය මූලික ඩිජිටල් යටිතල පහසුකම් පුද්ගලික අංශය මගින් සපයා ගත යුතු අතර, පුද්ගලික අංශයට ළඟා විය නොහැකි අවස්ථාවන්ට රජය මැදිහත් විය යුතු බව ද හෙතෙම පෙන්වාදෙයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ 12 වැනිදා කොළඹ පැවති 2023 ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයට (NITC – 2023) ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

ශ්‍රී ලංකා පරිගණක සංගමය හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව ‘තිරසර ඩිජිටල් සමාජයක් කරා – 2030 ඩිජිටල් ආර්ථිකයක්’ යන තේමාව යටතේ සංවිධානය කෙරුණු මෙම දෙදින සම්න්ත්‍රණයට දෙස් විදෙස් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයන් හි විද්වත් සහ ප්‍රවීණ පිරිසක් සහභාගි වූහ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ඩිජිටල් යටිතල පහසුකම් සපයා ගැනීම අභියෝගාත්මක කාර්යයක් බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එහෙත් රජයට පවතින සම්පත් සීමා වී ඇති පසුබිමක වුවද පෞද්ගලික ආයෝජන මගින් හෝ එම පහසුකම් සහතික කිරීමේ වැදගත්කම හෙතෙම මෙහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම