කඩිනම් සටන් විරාමයක් සඳහා ඊශ්‍රායල-පලස්තීන දෙපාර්ශ්වයට බලකරන්නැයි චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි
2023-10-14 17:28:12
Share with:

බරපතල මානුෂීය ව්‍යසනයක් සිදුවීම වළක්වන ලෙසත්, ඊශ්‍රායලය හා පලස්තීනය අතර කඩිනම් සටන් විරාමයක් ආරම්භ කිරීම සඳහා පෙළඹවීමට උත්සාහ කරන ලෙසත් චීනය ලොව විවිධ පාර්ශ්වයන්ගෙන් ආයාචනය කරයි.

එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත චාං ජුන් මහතා එසේ ප්‍රකාශ කළේ ආරක්ෂක මණ්ඩලයේ ඊයේ (13) පැවති හදිසි සාකච්ඡාවකට ‍එක්වෙමිනි. 

නිශ්චිත නොවන ආකාරයෙන් හිතුමතේ ප්‍රචණ්ඩත්වය යොදා ගැනීම පිළිගත නොහැක්කක් බවත්, දෙරටේම සිවිල් ජනතාව ප්‍රහාරයන් හි ඉලක්ක නොවිය යුතු බවත් ඔහු පැවසීය. 

පලස්තීන ඊශ්‍රායල ගැටුමට, යුදමය මාර්ගය විසඳුමක් නොවේ. කඩිනමින් සාම සාකච්ඡා ආරම්භ කර පලස්තීන ජාතිකයන්ගේ සාධාරණ අයිතීන් ඉටුකිරීමටත්, දෙරට අතර සාමකාමී යහපැවැත්ම සහතික කිරීමටත් ප්‍රයත්න දැරිය යුතුය. ජගත් ප්‍රජාව අර්බුද පාලන ක්‍රමවේදයක් ක්‍රියාවට නංවා, ‘ද්වි රාජ්‍ය’ ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් වඩාත් පුළුල් පොදු අදහස් එක්රැස් කර, ඒ අනුව කාල රාමුවක් හා ක්‍රියාන්විත සැලසුමක් සම්පාදනය කළ යුතු බව ද චාං ජුන් මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම