නාගරික සැලසුම් සකස් කළ යුත්තේ ජනතා පහසුවට හා දියුණුවට මුල්තැන දෙමින් බව අගමැති කියයි
2023-10-14 18:27:21
Share with:

නාගරික සංවර්ධන අධිකාරිය නගර සැලසුම් සකස් කළ යුත්තේ මහජන පහසුව හා දියුණුවට ප්‍රමුඛත්වය දෙමින් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියාසිටී. මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව 12 වැනි දා රැස් වූ අවස්ථාවේ අගමැතිවරයා මේ බව අවධාරණය කළේය. 

පාසල්, රෝහල්, විහාරස්ථාන හා නිවාස ඉදිකරන ප්‍රදේශ සඳහා නිසි සැලසුම් ඉදිරිපත් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ වගකීම බව දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය. ඉඩම් මිල දී ගැනීම හෝ විවිධ ව්‍යාපෘතිවලට ඉඩම් වෙන්කිරීම නාගරික සංවර්ධන අධිකාරියට පැවරී ඇති රාජකාරියක් නොවන බැවින් නිසි පරිදි රාජකාරිය ඉටු කිරීමට පියවර ගන්නා ලෙස ද හෙතෙම මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම