ශ්‍රී ලංකාවට වඩාත් පුළුල් ගෝලීය අවස්ථා රැගෙන එන කොළඹ වරාය නගරය
2023-10-14 17:41:11
Share with:

2014 වසරේ සැප්තැම්බර් මස චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිතර විය. එම සංචාරයේ දී හෙතෙම ශ්‍රී ලංකා නායකයන් සමග කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්ව තිබේ. වගකීම් සහගතව එම ව්‍යාපෘතිය සම්පූර්ණ කර, ශ්‍රී ලංකා පාර්ශ්වය සමග 21 වැනි සියවසේ මුහුදු සේද මාවතේ වැදගත් කේන්ද්‍රයක් මනාව ස්ථාපනය කරන ලෙස ෂී ජින් පිං මහතා චීන පාර්ශ්වයේ ඉදිකරන්නන්ට එහිදී උපදෙස් ලබා දී තිබේ.

කොළඹ වරාය නගරය, ශ්‍රී ලංකාවේ විශාලතම විදේශ ඍජු ආයෝජන ව්‍යාපෘතිය යි. එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම සංවර්ධනය කිරීම‍ සඳහා වසර 25ක් ගත වනු ඇත. ඇමරිකානු Forbes සඟරාව කොළඹ වරාය නගරය අනාගතයට බලපෑම් එල්ල කරන නව නගර 5 න් එකක් ලෙස නම් කර තිබීම විශේෂත්වයකි. කළමනාකරණ උපදේශන සමාගමක් වන PWC ඇස්තමේන්තු කර ඇත්තේ එම ව්‍යාපෘතිය සංවර්ධනය කිරීමෙන් ශ්‍රී ලංකාවට විදේශ ඍජු ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 9.7 ක් ආකර්ෂණය කරගැනීම, ඇමරිකනු ඩොලර් බිලියන 5 ක ආදායමක් ඉපයීම හා රැකියා ලක්ෂ 4 ක් නිර්මාණය කිරීම යන ඉලක්ක සපුරාගත හැකි බවයි.

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ 10 වැනි සංවත්සරය සැමරෙන අවස්ථාව වන විට කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් නව ප්‍රගතියක් අත්කරගෙන තිබේ. මේ වසරේ මැයි මාසයේ දී ‍වරාය නගරයට ප්‍රථම තීරු බදු රහිත සාප්පුව එක්විය. එහි කෘත්‍රිම වෙරළ, ‍බෝට්ටු වාප්පුව හා වේල්ල ඇතුළු පහසුකම් ඉදිකිරීම මේ වනවිට අවසන් කර තිබේ. අනාගතයේ කොළඹ වරාය නගරය ඔස්සේ ශ්‍රී ලංකාවට වඩාත් පුළුල් ගෝලීය ආයෝජන හා වාණිජ අවස්ථා හිමි වනු ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම