ගොවි ගැටලු රැසකට කඩිනම් විසඳුම්
2023-10-14 18:29:00
Share with:

ගොවි ජනතාව මුහුණදෙන ගැටළු රැසක් කඩිනමින් ම විසඳෙනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීම මත අප රටේ මෙතෙක් පැවති දිගුකාලීන ගොවි අර්බුද ගණනාවක් විසඳීමට පියවර ගෙන ඇත. ඒ අනුව වනජීවි හා වනසංරක්ෂණ කලාප යටතේ පවතින ඉඩම් වගා කළ ගොවීන්ට පැන නැගී ඇති ගැටළු විසඳීමේ බලතල දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරා තිබීම කැපීපෙනේ.

අමාත්‍යවරයා මේ අදහස් පළකළේ වව්නියාව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමට එක්වෙමිනි. එය වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (13) පැවැත්විණ. 

වව්නියාව දිස්ත්‍රික්කයේ උඳු හා මිරිස් වගාව කෙරෙහි ද මෙහිදී අවධානය යොමුවිය. එමෙන්ම ඉදිරි මහ කන්නයේ බඩඉරිඟු වගාව සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම