වසරේ මුල් කාර්තු තුනේ චීනයේ විදේශ වෙළඳාම ස්ථාවර වෙයි
2023-10-14 16:49:36
Share with:

මේ වසරේ මුල් කාර්තු තුනේ, චීනයේ විදේශ වෙළඳාම ස්ථාවර මෙන්ම ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. 

ඊයේ(13)නිකුත් කෙරුණු දත්තවලට අනුව, මේ වසරේ මුල් කාර්තු තුනේ චීනයේ සමස්ත අපනයන හා ආනයන වටිනාකම චීන යුආන් ට්‍රිලියන 30.8ක් වූ අතර එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සමාන වර්ධන වේගයක් අත්පත් කර ඇත. 

මේ වසර වනවිට, ලෝක ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ තත්ත්වය දුර්වල වූ අතර ගෝලීය වෙළඳාමේ සංවර්ධනයට ද විවිධ බලපෑම් එල්ල විණ. මෙවැනි තත්ත්ව යටතේ, චීන විදේශ වෙළඳාම ධනාත්මක ප්‍රවණතාවක් ප්‍රකට කිරීම සරල කරුණක් නොවේ. ඊට බලපෑ පසුබිම් කරුණු නිවැරදිව විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන්නේ සාම්ප්‍රදායික ප්‍රතිලාභ තහවුරු කර ගැනීම පමණක් නොව, නව ශක්තීන් අඛණ්ඩව දිනාගැනීම ඊට ඍජුව බලපා ඇති බවයි. 

චීනයේ පවතින විශාල වෙළඳපොළ හා දිගුකාලීනව පවතින කර්මාන්තමය ප්‍රතිලාභ චීනයේ විදේශ වෙළඳාමේ යහපත් ප්‍රවණතා සඳහා පදනමක් සකසා ඇති බව විචාරකයන් විසින් ද පෙන්වා දෙනු ලැබ ඇත. මෙහිදී සාම්ප්‍රදායික කර්මාන්තවලට සාපේක්ෂව ඉහළ තරඟකාරීත්වයක් පවතින අතර, චීනයේ නව බලශක්ති වාහන ලෝක වෙළඳපොළට අඛණ්ඩව යොමුවෙමින් පැවතීමත් කැපී පෙනේ. 

එමෙන්ම, චීනය ඉහළ මට්ටමේ විවෘතභාවය ඉදිරියට පවත්වාගෙන යාම තුළින් ද විදේශ වෙළඳාමට වාසිදායික කොන්දේසි නිර්මාණය වී තිබේ. 

මීට අමතරව, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ දශක සංවත්සරය මේ වසරට යෙදී ඇත. මේ වසරේ මුල් කාර්තු තුනේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල හා සම්බන්ධ රටවල් හා චීනය අතර ආපනයන හා අයනයන වටිනාකම චීන යුආන් ට්‍රිලියන 14.32ක ළඟා වූ අතර එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 3.1% ක වැඩිවීමකි.එය චීනයේ සමස්ත ආපනයන හා ආයනයන වටිනාකමෙන් 46.5 % ක අගයක් ගැනීම ද විශේෂත්වයකි. 

සමස්තයක් වශයෙන් ගත් කල චීන ආර්ථීකයේ යහපත් පැවැත්ම විදේශ වෙළඳාමේ සංවර්ධනයට මනා පිටුබලයක් සපයා ඇත. මෑතකදී , J.P. Morgan හා ANZ බැංකුව යන මූල්‍ය ආයතන රැසක් චීන ආර්ථිකය පිළිබඳ පුරෝකථන ඉහළ නංවා තිබීම ද සුවිශේෂ කරුණකි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම